Bloosno

කබර රෝගයට තෙලක්

අවශ්‍ය අමුද්‍රව්‍ය –

වේලිච්ච පොල් ගෙඩි 21

හීන් උඳුපියලිය කිලෝ 1

හීන් බෝවිටියා පස් පංගුව (එක පංගුවකින් ග්‍රෑම් 200)

ඇත්තෝර පස්පංගුව ( එක් පංගුවකින් ග්‍රෑම් 200)

හීන් ගොටුකොළ සහමුලින් කිලෝ 1

ඉරමුසු සහමුලින් ග්‍රෑම් 400

අමුකහ ග්‍රෑම් 200

ලොඳ නැති රන් තැඹිලි ඇට්ටි ගෙඩි 3

ලිපේ අළු ග්‍රෑම් 200 (පොල් ගහේ කොටස්වලින් එන අළු වැඩිපුර හිටින්න)

සුදු පොල් තෙල් බෝතල් 1

කුඩා රත්‍රන් කැබැල්ලක්

පළමුවෙන්ම පොල් ටික ගාගෙන මිරික ගෙන පළමු කිරි ටික පැත්තකින් තියන්න.හීන්උඳුපියලි‍ය, හීන් ගොටුකොළ, හීන් බෝවිටියා, ඇත්තෝර, ඉරමුසු සමඟ කලින් ඉතිරි වෙච්ච පොල් කුඩු හොඳින් කොටාගෙන අවශ්‍ය පමණට වතුර දමා මිරිකගන්න. ඊට පසු අමු කහටික කොටාගෙන, රන් තැඹිලි ඇටි තුනෙන් වතුර අවුන්ස 21 කට දියකරගෙන ඒකත් එක්ක රත්‍රන් කැබැල්ලත් එකතු කරල ලිපේ තියල හිඳගන්න. තෙල මතුවනකොට ලිපේ අළු සමඟ පොල්තෙල් බෝතලයත් එකතුකරගන්න.ඒ අවස්ථාවෙදිම කලින් මිරිකල තියාගත්ත පළමු පොල් කිරි ටිකත් එකතු කරගන්න. සෙල්සියස් අංශක 80

උෂ්ණත්වයේ ගින්දර පාලනය කරමින් හිඳගන්න.සුදු දුම ඉවරවුනාට පසු බාගන්න.ඒ වගේම මේ අමුද්‍රව්‍ය කපා කොටා ගැනීමේදී මළකන යකඩ උපකරණ භාවිතා කිරීමෙන් වලකින්න.සුදුයකඩ, තඹ,පිත්තල,ගල් හෝ ලී උපකරණ ආදිය භාවිතා කරන්න.

මේ හිඳගත්ත තෙල උදේ 7.00 විතර කබර තියෙන තැන්වල රවුමට ආලේප කරන්න.දවල් 12.00 සෝදාහරින්න.මාස 2 ක් පමණ යනකොට ඕනෑම කබර රෝගයක් සුවවෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

en_USEnglish
Scroll to Top
Skip to content